Saturday, April 20, 2024

General line - 0115112241

කියවන කිසිවක් අපතේ යන්නේ නැහැ! සුමිත්‍රා රාහුබද්ධ




කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී ප‍්‍රකට ලේඛිකා සුමිත‍්‍රා රාහුබද්ධද  අපට හමුවුණා. ඇය කියා සිටියේ විචාරක ප‍්‍රසාදය දිනාගත් ග‍්‍රන්ථ මෙන්ම තමන් කැමති ක්ෂේත‍්‍ර අළලා ලියවුණ වෙනත් ග‍්‍රන්ථ කියවීමටද පාඨකයන් උනන්දුවිය යුතු බවයි. කියවන කිසිවක් අපතේ නොයන බවද ඇය පෙන්වා දුන්නා. 

 

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවර සංවිධාන කෙරෙන්නේ 19වන වරටයි. ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කෙරෙන මෙම ප‍්‍රදර්ශනය ස`දහා නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙනවා.
ප‍්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් එෆ් එම් විශේෂ කලාපයට පැමිණෙන්නන්ට නෙත් එෆ් එම් වැඩසටහන් ඇතුළත් පොත් හා සංයුක්ත තැටි ලබා ගත හැකියි. එමෙන්ම  දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් දිරිය නෙත් සමාජ සත්කාර යටතේ ඉදිකෙරෙන පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමටද මෙහිදී ඔබට අවස්ථාව තිබෙනවා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 24දා දක්වා පැවැත්වෙනවා.

---------------------------------------------------------------------

පාඨකයින්ගේ රුචි අරුචිකම් සම්බන්ධයෙන් ද විවිධ අදහස්

22-09-2017 07:19

කියවීම පිළිබඳ වැඩි වශයෙන් කතා බහට ලක්වන මෙම සමයේ පාඨකයින්ගේ රුචි අරුචිකම් සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළ වනවා.

කියවීමේ වෙනත් මානයන් සොයා යන නෙත් නිවුස් විශේෂාංග මාලාව වෙත අද (22) එක්වන්නේ පාඨකයින්.

මේ අතර, 19වන වරට සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි අදත් පැවැත්වෙනවා.

ඊට මෙවර ද නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකත්වය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.

ප්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් එෆ් එම් විශේෂ කලාපයට පැමිණෙන නෙත් එෆ් එම් වැඩසටහන් ඇතුළත් පොත් හා සීඩී ලබා ගැනීමට ද ඔබට හැකියාව පවතිනවා.

එමෙන්ම ඔබට පොත් පරිත්‍යාග කිරීමට ද අවස්ථාව උදාකර දීමටයි කටයුතු යොදා ඇත්තේ.

, දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් පුස්තකාල ඉදිකිරීම වෙනුවෙන් ක්‍රියාත්මක දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන්.