Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරිමට අමෙරිකාව නියෝග කරයි




උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීම සහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිඛෙනවා.

, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන්වලට විරෝධය පළ කරමින්.

ඒ අනුව උතුරු කොරියාව සම සිදු කෙරෙන ගනුදෙනු නතර කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි පැවසෙන්නේ.  

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත්දා ප්‍රකාශ කළේ රොකට් මිනිසා සිය දිවි හානි කර ගැනීමේ ගමනක නිරත වෙමින් සිටින බවයි.

එහිදී රොකට් මිනිසා ලෙස හැදින්වූයේ උතුරු කොරියානු නායකයායා.

ඊට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කළේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය සුනඛයෙකුගේ බිරීමක් හා සමාන බවයි.