Thursday, March 28, 2024

General line - 0115112241

ලයනල් පිටපිට 7 වැනි වරටත් රන් පදක්කම දිනයි (PHOTOS)

කසුන් කැළුම් - කොටවිල කී‍්‍රඩාංගණයේ සිට




මාතර - කොටවිල කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 43වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පළමු මලල කී‍්‍රඩා රන් පදක්කම දිනා ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කළ ලයනල් සමරජීව අද (22) උදෑසන සමත් වුණා. 

එ් මීටර් 10,000 පිරිමි ධාවන ඉසව්වෙන්. ලයනල් සමරජීව එම ඉසව්වේ රන් පදක්කම අඛණ්ඩව දිනාගත් 7වැනි අවස්ථාව මෙය වනවා.  

රන් - ලයනල් සමරජීව - ( මධ්‍යම ) - විනාඩි 31. තත් 14.22
රිදී - G.P.A.G.K බණ්ඩාර - ( මධ්‍යම ) - විනාඩි 31. තත් 18.98
ලෝකඩ - P.A.P මධුරංග - ( සබරගමුව ) - විනාඩි 31. තත් 41.03

අනතුරුව පැවති මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයේ රන් පදක්කම දිනා ගැනීමට සබරගමුව පළාත නියෝජනය කළ නිලානි රත්නායක සමත් වුණා. එම අවසන් තරගයේ ප‍්‍රතිඵල පහතින්.

රන් - නිලානි රත්නායක - (සබරගමුව ) - විනාඩි 17 තත් 09.6
රිදී - U.K.N ආරියදාස - ( සබරගමුව ) - විනාඩි 17 තත් 35.0
ලෝකඩ - L.H.S අනූෂා - ( ඌව ) - විනාඩි 17 තත් 50.0