Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දීය තරගාවලියේ තීරණ පසුපස පිටස්තරයෙක් හිටියාද -  පරීක්ෂණ කරන්න කණ්ඩායමෙන් ලිපියක් 




හිටපු වේග පන්දු යවන්නෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ  පසුගිය දිනක රූපවාහිනී සංවාදයකදී පැවැසූ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙස දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයන්   40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  ඉල්ලීමක්  කර තිබෙනවා.

ඉන්දීය තරගාවලියේදී අස්වාභාවික ලෙස තරග පරාජය වූ බව මෙන්ම  ඇතැම් තීරණ  පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවට ප්‍රමෝද්‍ය චෝදනා කර තිබුණා.


එවැනි චෝදනා මගින් කණ්ඩායම අපහසුතාවකට පත්වන නිසා  ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඒ සඳහා  සම්පුර්ණ සහය ලබාදෙන බවත් එම  ලිපියේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.