Wednesday, April 24, 2024

General line - 0115112241

ලොව ධනවත්ම කාන්තාව ලොවෙන් සමුගනී 




ලොව ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ප්‍රංශයේ ලිලියන් බෙටන්කෝට් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඒ වනවිට ඇගේ වයස අවුරුදු 94ක්. ප්‍රංශයේ පිහිටි ලෝක ප්‍රකට විලවුන් උපකරණ සමාගමක හිමිකාරිය වන ඇයගේ මෙම වසරේ පමණක් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 40ක්. 

ලොව ධනවත්ම පුද්ගලයින් අතර 14 වෙනියා ලෙසට ද ඇය සැලකෙනවා. 2012 වසරේදී තම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වන ඇය සමාජ සේවා කටයුතුවල නිරත වූ බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. 

1909 වසරේ දී ඇගේ පියා විසින් ආරම්භ කරන ලද මෙම විලවුන් උපකරණ සමාගම අද වනවිට ලොව විශාලතම විලවුන් සමාගම ද වනවා.