Thursday, April 25, 2024

General line - 0115112241

රන් ශතකයක් සමගින් බස්නාහිර සමස්ත ශූරතාව දිනයි දක්ෂතම ක්‍රීඩිකාව විදුෂා , ක්‍රීඩකයා ජනක (UPDATE)(PHOTOS)

කසුන් කැළුම් - කොටවිල කී‍්‍රඩාංගණයේ සිට




 

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ කාගෙත් වැඩි අවධානයක් දිනා ගත් මීටර් සියය කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වල අවසන් තරග අද (24) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී කාන්තා මීටර් සියය ධාවන ඉසව්ව ජය ගනිමින් ජාතික මහා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩිකාව ලෙස අභීෂේක ලැබුවේ සබරගමුව පළාත නියෝජනය කළ රුමේෂිකා රත්නායකයි.

ඇය දැක් වූ දක්ෂතාව තත්ත්පර 11 යි දශම 7 යි 4ක්. 

මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා ලෙස අභිෂේක ලැබුවේ බස්නාහිර පළාත නියෝජනය කළ හිමාෂ ඒෂාන්.

ඔහු තත්ත්පර 10 යි දශම 7 යි 6ක දක්ෂතාවක් වාර්තා කරමින් මීටර් සියය පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තා.

මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව සුපුරුදු පරිදි මෙවරත් දිනා ගත්තේ බස්නාහිර පළාතයි.

බස්නාහිර පළාත මෙවර රන් පදක්කම් 102  ක්, රිදී පදක්කම් 81 සහ ලෝකඩ පදක්කම් 76 ක් දිනා ගැනීමට සමත් වුණා.

අනුශූරතාව දිනා ගත්තේ මධ්‍යම පළාතයි. සත්කාරක දකුණු පළාතට පදක්කම් සටහනේ හිමි වූයේ 5 වන ස්ථානයයි.

ජාතික මහා කී‍්‍රඩා උළෙලේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස අභිෂේක ලැබුවේ තුන් පිම්ම ඉසව්වෙන් නව තරග වාර්තාක් තැබූ විදූෂා ලක්ෂානියි.

දක්ෂතම කී‍්‍රඩකයා ලෙස දුර පැනීම ඉසව්ව ජය ගත් මධ්‍යම පළාතේ ජනක ප‍්‍රසාද් විමලසිරි අභිෂේක ලැබුවා.

මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේදී නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකක් බිහි වුණා. ඒ කාන්තා රිටි පැනීම සහ කාන්තා මිටිය විසි කිරීම ඉසව්වෙන්. දකුණු පළාතේ ශානිකා මනෝජි අමරසිංහ කාන්තා මිටිය විසි කිරීමේ නව ශී‍්‍ර ලංකා වාර්තාව පිහිට වූ අතර උතුරු පළාතේ අනීතා ජෙගදීෂ්වරන් කාන්තා රිටි පැනිම ඉසව්වෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවූවා.

සමාප්ති උත්සවය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් , රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ ප‍්‍රධානත්වයෙන් මාතර කොටවිල කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණා.

විවිධ සංස්කෘතික අංගවලින් හැඩ වුණු සමාප්ති උළෙල නැරඹීම සහා පේ‍්‍රක්ෂකයින් රැසක් කොටවිල කී‍්‍රඩාංගණයට රොක්ව සිටියා.

සමාප්ති උළෙලේ ආචාර පෙළ පාලිය සහා දකුණු පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ කී‍්‍රඩා නිලධාරීන් සහභාගි නොවීම විශේෂත්වයක්.

කී‍්‍රඩා නිලධාරීන් ඊට සහභාගි නොවී ඇත්තේ කෙටි දුර ධාවන ශූරී රුමේෂිකා රත්නායක මූලික වටයේ තරගවලට යොමු නොකර මීටර් 100 අවසන් තරගයට සහභාගි කරවීමට විරෝධය දැක්වීමක් ලෙසයි. 

දින 3ක් පුරා මාතර කොටවිල කී‍්‍රඩාංගණයේ පැවති 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල නිමාවට පත් වුණේ ලබන වසරේ එහි සත්කාරකත්වය සබරගමුව පළාතට භාර කරමින්.

 

--------------------------

මංජුල පිට පිට 8 වන වරටත් රන් පදක්කම දිනයි( 24-09-2017 12:52)

43 වන ජාතික මහා කී‍්‍රඩා උළලේ පිරිමි උස පැනීමේ රන් පදක්කම සුපුරුදු පරිදි මෙවරත් දකුණු පළාතට දිනා දීමට මංජුල කුමාර අද (24) සමත් වුණා. 

ඔහු දැක් වූ දක්ෂතාව මීටර් 2.18ක්.  මංජුල කුමාර ජාතික මහා කී‍්‍රඩා උළලේ පිට පිට එම ඉසව්වේ රන් පදක්කම දිනූ 8 වන අවස්ථාව මෙයයි.

අද උදෑසන පැවති මලල ක්‍රීඩා ඉසව්වල ප්‍රතිඵල පහතින් දැක්වෙයි.

උස පැනීම - පිරිමි
01.මංජුල කුමාර - දකුණ - මීටර්  2.18 
02. ඉන්දික උදය කුමාර - දකුණ - මීටර්  2.01
03. ආර්ආර්ඩී. රණතුංග - සබරගමුව - මීටර්  2.01

මිටිය විසිකිරීම - කාන්තා
01. ශානිකා මනෝජි අමරසිංහ - දකුණ - මීටර්  48.76 -  නව ශ්‍රී ලංකා වාර්තාවකි
02ග අයේෂා මධුවන්ති - ඌව - මීටර්  43.36
03ග එච්.ඒ.ඒ ලක්ෂිකා - බස්නාහිර - මීටර්  42.86

මීටර් 10000 - කාන්තා
01. ඒ.එන්.එල්. ආරියදාස - සබරගමුව - විනාඩි 36.56.54
02. එල්.එච්.එස්. අනූෂා - ඌව - විනාඩි 37.10.16
03. ඒ.එල්.එස්.ඩී. ලියනගේ - සබරගමුව - විනාඩි 37.29.78

මීටර් 500 - පිරිමි
01. ලයනල් සමරජීව - මධ්‍යම  - විනාඩි 14.59.35
02. ඒ.කේ. තරංග  - සබරගමුව - විනාඩි 15.00.82
03. ජී.පී.ඒ.ජී.කේ. බණ්ඩාර - මධ්‍යම - විනාඩි 15.02.85

------------------------------

මනෝජි මිටිය විසිකිරීමේ වාර්තාව අලුත් කරයි (UPDATE)

(24-09-2017 10:00)

මෙවර ජාතික මහා කී‍්‍රඩා උළෙලේ දෙවන ශී‍්‍ර ලංකා වාර්තාව පිහිටුවීමට දකුණු පළාත නියෝජනය කළ ශානිකා මනෝජි අමරසිංහ අද (24) සමත් වුණා. 

එ් මිටිය විසි කිරීම කාන්තා ඉසව්වෙන්. ඇය දැක් වූ දක්ෂතාව මීටර් 48යි දශම 76ක්.  

එම ඉසව්වේ රිදී පදක්කම හිමි වූයේ මීට පෙර ශී‍්‍ර ලංකා වාර්තාවට හිමිකම් කියූ ඌව පළාතේ අයේෂා මධුවන්තිටයි. 

ඇය මීටර් 43යි දශම 76ක දක්ෂතාවක් වාර්තා කළා. කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ බස්නාහිර පළාත නියෝජනය කළ එච්.එ්.එ් ලක්ෂිකාටයි.


---------------------------------------------

 

ජාතික මහා ක්‍රීඩා උළලේ අවසන් දිනය අදයි (24-09-2017 10:00)

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අද (24) දිනයේදී උදෑසන භාගයේ තරග ඉසව් කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

දිනයේ පළමු තරග ඉසව්ව ලෙස මීටර් දසදහස කාන්තා ධාවන ඉසව්ව මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. 

ජාතික මහා ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තේරීමේ මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් තරගද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ වන විට පදක්කම් සටහනේ සුපුරුදු පරිදි පෙරමුණ ගෙන සිටින්නේ බස්නාහිර පළාතයි. 

ඔවුන් රන් පදක්කම් 92ක්, රිදී පදක්කම් 71ක් සහ ලෝකඩ පදක්කම් 64ක් දිනාසිටිනවා. 

දෙවන ස්ථානයේ පසුවන මධ්‍යම පළාත දිනාසිටින රන් පදක්කම් සංඛ්‍යා  38ක්.  

තුන්වන ස්ථානය රන් පදක්කම් 22ක් දිනූ වයඹ පළාතට හිමිව තිබෙනවා. 

ඉකුත් වසරේදී පදක්කම් සටහනේ දෙවන ස්ථානය දිනූ දකුණු පළාතට මෙවර පදක්කම් සටහනේ හිමිව ඇත්තේ 6වන ස්ථානයයි. 

උතුර සහ නැගෙහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපීපෙනෙන දක්ෂතා දක්වා ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ.

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද පස්වරුවේ මාතර කොටවිල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමට නියමිතව සිටියත්, ජනාධිපතිවරයා මේ දිනවල අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියට එක්ව සිටින බැවින් ඊට සහභාගි නොවන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත් සහ මංගල සමරවීර අද දිනයේ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

 

 

----------------------------------------------

දිනූ රන් පදක්කමක් බස්නාහිරට නැති වෙයි (PHOTOS) (23-09-2017 20:10)

මාතර කොටවිල කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ තරග ඉසව් අද (23) නිමාවට පත් වුණා.

දෙවන දිනයේ පස්වරුවේ පැවති මීටර් සියය හතර කාන්තා සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණේ මධ්‍යම පළාතයි.

ඒ තත්ත්පර 47 යි දශම 8ක දක්ෂතාවක් වාර්තා කරමින්.

රිදී පදක්කම දිනා ගත්තේ සත්කාරක දකුණු පළාතයි.

ලෝකඩ පදක්කම බස්නාහිර පළාත විසින් දිනා ගත්තා.

ඉන් අනතුරුව පැවැත්වුණේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් මීටර් සියය හතර පිරිමි ධාවන ඉසව්වයි.

හිමාෂ ඒෂාන් ප‍්‍රමුඛ බස්නාහිර පළාත එම ඉසව්ව ජය ගත්තද , යෂ්ටි හුවමාරුවේ සිදුවූ තරග නීති උල්ලංඝණය කිරීමක් නිසා ඔවුන්ට රන් පදක්කම අහිමි කිරීමට තරග සංවිධායකයින් පියවර ගත්තා.

ඒ අනුව දෙවන ස්ථානය දිනූ නැගෙනහිර පළාතට එහි රන් පදක්කම හිමි වුණා.

රිදී පදක්කම දකුණු පළාත විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම දිනා ගත්තේ වයඹ පළාත විසින්.

පිරිමි දුර පැනීමේ ඉසව්වද අද (23) පැවති අතර එහි රන් පදක්කම දිනා ගැනීමට වයඹ පළාත නියෝජනය කළ ඞී කේ රණසිංහ සමත් වුණා. 

කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අවසන් තරගයද අද (23) පැවැත් වුණු අතර එහි රන් පදක්කම දිනා ගැනීමට සබරගමුව පළාත නියෝජනය කළ දිල්හානි ලේකම්ගේ සමත් වුණා.

මාතර කොටවිල කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවය හෙට (24) පස්වරුවේ පැවැත්වීමට නියමිත තරග ඉසව් කිහිපයක අවසන් තරගද හෙට(24) පැවැත්වෙනවා.

----------------

ගයන්තිතා සහ ඉඳුනිල්ට දකුණේදී රන් පදක්කම් (23-09-2017 13:30)

 

43 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මලල කී‍්‍රඩා ඉසව් කිිහිපයක අවසන් තරග අද (23) පෙරවරුවේ පැවැත්වුණා. 

දකුණේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊයේ පැවති සමාරම්භක උළෙළ වර්ජනය කළද අද පැවැති තරග සදහා ඔවුන්ද එක්ව සිටීම විශේෂත්වයක්. 

අද උදෑසන පැවති මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ දකුණු පළාත නියෝජනය කළ ගයන්තිකා අබේරත්නයි. 

ඇගේ තරග නිමි කාලය විනාඩි 2යි තත්පර 07යි දශම 4ක්. 

ටර්කිමෙනිස්තානයේ පැවති ආසියානු ගෘහස්ථ මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගි වී ගයන්තා දිවයිනට පැමිණියේ ඊයේ දිනයේදීයි.  

අනතුරු පැවති මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ඌව පළාත නියෝජනය කළ ඉඳුනිල් හේරත්.  

උදෑසන පැවති තරග ඉසව් කිහිපයක ප‍්‍රතිඵල පහතින්.

 

 

 

 

-----------------------------------------

ජාතික මහා ක්‍රීඩා උළලේදී වයඹට සහ සබරගමුවට රන් පදක්කම් (23-09-2017 11:21)

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් තරග කිහිපයක් අද (23) පැවැත්වෙනවා.

මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ මාතර කොටවිල ක්‍රීඩාංගනයේදීයි.

එහි සිටින අප වාර්තාකරු පැවසුවේ,

අද උදෑසන පැවැත්වුණු මීටර් 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ධාවන ඉසව්වයි. එම ඉසව්වේ රන් පදක්කම සබරගමුව පළාත නියෝජනය කළ ඒ.එල්.ඒ.අයි රත්නසිරි විසින් දිනාගත්තා. ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 52.52ක්. එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තේ ඌව පළාත නියෝජනය කළ එස්.එම්.ඒ චතුරංග විසින්. 

අනතුරුව පැවැත්වුණේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ධාවන ඉසව්වේ අවසන් ඉසව්වයි.

එහිදී විනාඩි 1යි තත්පර 1.20කින් තරගය නිමකළ වයඹ පළාතේ ඊ.පි.කේ මදුෂානි එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා. 

එම ඉසව්වේ රිදී පදක්කමට හිමිකම් කීවේ දකුණු පළාත නියෝජනය කළ ජි.ඒ.එස් දුලානි විසින්. ඇයගේ තරග නිමි කාලය විනාඩි 1යි තත්පර 1.3ක්. 

එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ දකුණු පළාත නියෝජනය කළ එන්.ඩී.ජි.එන් ලක්මාලි. ඇය දැක්වූ දක්ෂතාවය  විනාඩි 1යි තත්පර 1.8ක්.

-----------------------------------------

දකුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිසිවෙකුත් නෑ - ජාතික ක්‍රීඩා උලෙළේ සමාරම්භක උළෙල වර්ජනයේ (PHOTOS) (22-09-2017 17:09)

43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උළෙල මාතර කොටවිල කී‍්‍රඩාංගණයේදී අද (22) පස්වරුවේ පැවැත්වුණා. එ් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රධානත්වයෙන් පැවැති සමාරම්භක උත්සවයට දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනද එක්ව සිටියා. 

ප‍්‍රධාන අරාධිතයා ලෙස එක් වූ අග‍්‍රාමාත්‍යවරයා ජාතික ධජය එසවීමෙන් අනතුරුව 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ කටයුතු ආරම්භ කෙරුණා.

අනතුරුව කී‍්‍රඩා අමාත්‍යංශ ධජය කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ඔසවනු ලැබූ අතර පළාත් ධජ පළාත් කී‍්‍රඩා අමාත්‍යවරුන් විසින් ඔසවනු ලැබුවා. අනතුරුව ගායනය කෙරුණේ ජාතික මහා කී‍්‍රඩා උළෙලේ තේමා ගීතයයි.

පසුව පළාත් ධජ පෙරටු කර ගනිමින් මෙවර 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලට එක්වන සියලූ පළාත් නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් එක පෙළට මාතර කොටවිල කී‍්‍රඩාංගණය වටා ගමන් කරනු ලැබුවා. 

දකුණු පළාත් හිටපු කී‍්‍රඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පෑමක් ලෙස සත්කාරක දකුණු පළාත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙවර සමාරම්භක උත්සවයේ ආචාර පෙළපාලිය වර්ජනය කිරීම විශේෂත්වයක්. 

ආචාර පෙළපාලියෙන් පසු ප‍්‍රධාන ආරාධිතයා වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මෙවර 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල නිල වශයෙන් ආරම්භ කළ බව ප‍්‍රකාශ කළා.

අග‍්‍රාමාත්‍යවරයා අනතුරුව මාතර කොටවිල කී‍්‍රඩාංගණයේ ඉහළ අහස් කුස වර්ණවත් කරමින් බැලුන් රැසක් ගුවනට මුදාහැරුණා. 

කී‍්‍රඩා උළෙලේ පහණ දැල්වීම සිදු කෙරුණේ දකුණු පළාතෙන් බිහි වූ දක්ෂ දුර පැනීමේ ශූරයෙකු වන සුජිත් රෝහිත සහ කළක් මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාවට හිමිකම් කියූ ධම්මිකා මැණිකේ විසින්. 

අනතුරුව කී‍්‍රඩක ප‍්‍රතිඥාව ලබාදුන්නේ  දකුණු පළාත් කී‍්‍රඩිකා එරංගා රසිකා දුලක්ෂි විසින්. අග‍්‍රාමාත්‍යවරයා උත්සව සභාව ඇමැතීමෙන් පසු කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර උත්සව සභාව අමතන ලැබුවා.

සමාරම්භක උත්සවය විවිධ සංස්කෘතික අංගවලින් හැඩ වී තිබූ අතර එ් සඳහා මාතර දිස්ති‍්‍රක්කයේ පාසල් රැසක සිසු සිසුවියන් එක්ව සිටියා. 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ හෙට දිනයේදී ඉසව් රැසක් අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

---------------------------------------

බොක්සිං  කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මාතරදී අසරණ වෙයි (22-09-2017 16:12)

මාතර - කොටවිල කි‍්‍රඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ බොක්සිං තරග ඉසව්ව සඳහා එක්ව සිටින කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා. 

ඒ තරග පැවැත්වෙන ස්ථානය, ආහාර ලබා ගැනීමේ හා නවාතැන් ගැනීමේ ස්ථාන වෙනත් වෙනත් තැන්වල පිහිටා තිබීම හේතුවෙන්.

ඔවුන්ට දිනකට කිලෝමීටර් 54කට ආසන්න දුර ප‍්‍රමාණයක් ගමනා ගමනයේ යෙදීමට සිදුව තිබෙනවා. 

මේ නිසා බොක්සිං තරග ඉසව් සඳහා එක්වීමේදී සියලු බොක්සිං කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දැඩි වෙහෙසකාරී තත්වයට පත්ව ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

---------------------------------------

සිවුවැනි වරටත් අනීතා රිටි පැනීමේ වාර්තාව අලුත් කරයි (22-09-2017 15:06)

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ  කාන්තා රිටි පැනීමේ තරගය නියෝජනය කළ අනීතා ජෙගදීස්වරන් රන් පදක්කමක් හිමි කරගත් අතර එම තරගයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සනිටුහන් කළා. 

ඒ මීටර 3යි දශම 4 යි 8ක දක්ෂතාවයක් පෙන්වමින්. කෙසේ වෙතත් උතුරු පළාත නියෝජනය කළ අනීතා මීට පෙර ද අවස්ථා 3කදී මෙම වාර්තාව අලුත් කිරීමට සමත් වුණා.

කාන්තා රිටි පැනිමේ ඉසව්වේ ප‍්‍රතිඵල පහතින්.

රන් - අනීතා ජෙගදීෂ්වරන් - ( උතුර ) - මීටර් 3 දශම 4යි 8ක්
රිදී - අනෝමා කරුණාවංශ - ( නැගෙනහිර )  - මීටර් 3 දශම 1යි 0යි
ලෝකඩ - ශිරෝමි රණසිංහ - ( බස්නාහිර ) - මීටර් 3 දශම 0යි

-----------------------------------------------

උතුරේ අනීතා දකුණේදී වැඩ පෙන්වා තැබු ශ්‍රී ලංකා වාර්තාව මෙන්න (PHOTOS) (22-09-2017 10:55)

උතුරු පළාත නියෝජනය කළ අනීතා ජෙගදීස්වරන් යළිත් සිය ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට අද (22) සමත් වුණා.

ඒ කාන්තා රිටි පැනීමේ තරගයෙන්.

අනීතා ජෙගදීස්වරන්  රිටි පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ සිවුවන අවස්ථාව මෙය වීම විශේෂිතයි.

මාතර - කොටවිල ක්‍රීඩාංගණයේ අද (22) ආරම්භ වූ 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී මෙම වාර්තාව අලුත් කිරිමට ඇය සමත් වුණා.

ඇය දැක් වූ දක්ෂතාව මීටර් 3 යි  දශම 4 යි 8ක්.