Saturday, April 20, 2024

General line - 0115112241

පකිස්තානයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැනුවත් කරන්න




පකිස්තානයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැනුවත් කිරීමට අනිවාරයෙන්ම පියවර ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා - පකිස්තාන තරගාවලියේ අවසන් තරගය වන තුන් වන පන්දුවාර 20 තරගය පැවැත්වෙන්නේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදීයි.

2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයට ප්‍රහාරයක් එල්ල වූයේද ගඩාෆි ක්‍රීඩාංගණය අසළදීයි.

කෙසේ වෙතත් පකිස්තානයේ වත්මන් ආරක්ෂක තත්වය යහපත් බවට තහවුරු කරමින් ඉකුත්දා ලෝක කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලිවක් ද පැවැත්වුණා.

ඊට එක් වූ ශ්‍රී ලංකාවේ තිසර පෙරේරාගෙන් ද පකිස්තානයේ ආරක්ෂාව පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට නියමිතයි.