Saturday, April 20, 2024

General line - 0115112241

යාපනයේ ජල හිඟයට අගමැතිගෙන් වැසි ජල ව්‍යාපෘතියක්!




යාපනය අර්ධද්විපයේ පවතින දැඩි ජල හිඟයට පිළියමක් ලෙස නව ව්‍යාපෘතියක් ආරම්භ කළ බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. වඩමාරච්චි කලපුව ආශ‍්‍රිතව වර්ග කිලෝමීටර් 78ක තුළ වර්ෂා ජලය රැස් කර ආරක්ෂිතව භාවිතයට ගැනිමයි මෙහිදී සිදු කෙරෙන්නේ.

මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලයේ සහ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේද අනුමැතිය ලබා ගෙන තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයා විසින් පත්කර ඇති උතුරු පළාත් සංවර්ධන කමිටුව සහ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය එහි ප‍්‍රගතිය අධීක්ෂණය කිරීමට නියමිතයි. 

ව්‍යාපෘතිය සඳහා යොදා ගෙන ඇති ප‍්‍රදේශයට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනයෙන් මිලි මීටර 1250ක පමණ ප‍්‍රමාණයක් වාෂ්පීකරණය නිසා අපතේ යන බව අධ්‍යයනවලින් හෙළිවී  තිබෙනවා. ඒ බව සැළකිල්ලට ගනිමිනුයි මෙම ව්‍යාපෘතිය සැළසුම් කර ඇත්තේ.