Friday, March 29, 2024

General line - 0115112241

"කැච් එක අත ඇරියොත් මැච් එක පරාදයි..සියලුම දෙනා එක්ව පියවරක් ගනිමු" - අගමැති 

නිමල් අල්ගෙවත්ත - හබරාදුව




කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්. කැච් එක අත ඇරියොත් මැච් එක පරාදයි. මේ අපට ලැබෙන අවසන් අවස්ථාව. මේ වෙලාවේ කැච් එක අතඅරින්න එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (22) ගාල්ලේ වැකුණුගොඩ "නිල සෙවණ" පොලිස් නිල නිවාස 100 ක් භාරදීමේ උත්සවයේ අවස්ථාව පිළිබඳව අදහස් දක්වමිනි. 

මෙම අවස්ථාවට පොලිස්පතිතුමා, ගාල්ල දිස්ත්‍රික්ක මැති ඇමතිවරු, නිතිය හා සාමය පිළිබඳව ඇමති සාගල රත්තායකද එක්ව සිටියා. 

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ,

ලංකාවේ පොලිසිය ඉතාම පැරණියි. එංගලන්තයේ රොබට් පීල්ට් පොලිසිය හදුන්වාදී වසර 30කට පසුව තමයි අපේ පොලිසිය ආරම්භ වන්නේ. 1866 දී තමයි ලංකවේ පොලිසිය ආරම්භ කළේ. එදා ඉදත් අදවන විට ලංකවේ ඉතා පැරණි පොලිසියක් තමයි තියෙන්නේ. පොලිසි නීතිය ක්‍රියාත්මක කළා පොලිස් සේවය ආරම්භ කරලා. අවාසනාවට එදා තිබුණු නීතිය තමයි අදටත් තියෙන්නේ. මේ නිසා අලුත් නව නීතියක් පොලිස් සේවයට ඉදිරිපත් කරන්න වෙනවා.

පොලිසිය අපරධවලට මුහුණ දෙන්න ඒවා මැඩ පවත්වන්න කටයුතු කළා. එදා වගේ නොවෙයි අද අපරාධ වෙනස් මුහුණුවරක් ගන්නවා. මත්ද්‍රව්‍ය අපරාධ සංවිධානාත්මක අපරාධ හා ඒ සියල්ලම මැඩ පවත්වන්න නීතිය කඩන අය නීතිය ඉදිරියට ගෙන එන්න පොලිසියට භාරදී තියෙනවා.

මෙයට අමතරව පොලිසියට අභියෝගයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ මේ රටෙ ත්‍රස්තවාදය හා භිෂණයට. මේවාටද පොලිසියට මුහුණ දෙන්න සිදු වුණා. මෙහිදී දකුණේද උතුරේද කියා නෑ. මෙහිදී පළමු වෙන්ම ඉලක්කය වුයේ පොලිසිය. පොලිස් නිලධාරින් තමයි පළමු ඉලක්කය වුණේ. මෙය උතුර ප්‍රදේශයේදී අප දැක්කා. මේ නිසා අපට සිදු වුණා පොලිසිය වෙනස් කරන්න. පොලිසියට විවිධ බල සේනා ඇති කරන්ට පියවර ගන්නට සිදු වුණා.

පොලිස් විශේෂසේවා බලකායද පිහිටුවන්න පියවර ගන්නට සිදු වුණා. නිතිය සාමය ක්‍රියාත්මක කිරීමේ දි අපරාධ මර්ධන කිරීමේ දි ඇතිවන ප්‍රශ්ණයි.
නමුත් දේශපාලනය නිසා මේ ප්‍රශ්ණ ඇති වුණා. මේ නිසා දේශපාලනයෙන් සමහර ප්‍රශ්ණවලට පිළියම් නැති උනාම මේ ආකාරයේ ප්‍රශ්ණ ඇතිවෙනවා. එය ත්‍රස්තවාදයෙන් භිෂණයෙන් ඒවා ඉටුකර ගන්නට පියවර ගන්නවා. මේ නිසා පාලන ක්‍රමය මගින් විසදන්නට බැරිවූ දෙයක් නිසා පොලිසියටත් ජනතාවටත් මෙයට මුහුණ දෙන්න සිදු වුණා. මේ නිසා අප රට විතරක් නොවෙයි ලෝකයේ කවර රටක් වුනත් ‍දේශපාලනමය ප්‍රශ්ණ විසදන්නට උවමනායි. ලංකාවේ උතුරේ ඇතිවු ප්‍රශ්ණ දෙස බලන විට එය ඇති උනේ දේශපාලනමය ප්‍රශ්ණයක් නිසා. ඒක යුද්ධයෙන් පසුවත් විසඳගන්න අපට අවස්ථාව තිබුනේ නෑ.

දකුණේ දේශපාලන පක්ෂත් සිංහල දෙමළ ජනතාව විශේෂයෙන්ම ඒකීය  රාජ්‍යයක්  තිබිය යුතුයි කියා හැමවිටම ප්‍රකාශ කළා. මේ රටට පෙඩරල් ක්‍රමයක් උවමනායි කියලා ද්‍රවිඩ පක්ෂ ප්‍රකාශ කළා. යුද්ධ කාලයේදී වෙනම රාජ්‍යයක් ඉල්ලුවා. යුද්ධය අවසානයේදීද මේ බෙදීම සිදු වුණා. 

මෙය විසදන්න තමයි අපි ක්‍රියා කළේ. දැන් මේකට එකඟයි නම් අපි ලැස්තියි එතනට එන්නට. මේ අයත් එකතු වුණා පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරවන්. අප සියලුම දෙනා සිවිල් සංවිධාන මහජනතාව ආදි සියලුම එදා ජනාධිපතිවරණයට පෙර 2014 දි එකතු වුණේ. මෙම ප්‍රධාන ප්‍රශ්ණයට විසදුමක් ලබා දෙන්න තමයි. අපි සියලුම දෙනා එකතු වුනේ. එහි ප්‍රතිපලය තමයි ජනාධිපතිතුමා ජනාධිපති වෙලා එදාම කීවා මම මේ ප්‍රශ්ණය විසදනවා කියලා.

මෙහිදී අපට හැකි වුණා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් පත් කරන්න. සමහරු මගෙන් ඇහුවා ඇයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇයි ජාතික ජාතික ආණ්ඩු කියලා. මේ අනුව රටේ ප්‍රධාන ප්‍රශ්ණය විසදන්න උවමනානම් ජාතික ආණ්ඩුවක් අවශ්‍යව තියනවා. තනි පක්ෂයක් තියනකොට වාසි වැඩියි. ජාතික ආණ්ඩුක් එක්ක සිටින විට වාසි අඩුයි පක්ෂයක් වශයෙන් තමත් පක්ෂයට තරමක් වාසි අඩු උනාට කමක් නෑ. අපේ රටට ස්ථිර සාමයක් ලැබෙනවා නම්.

පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ උදවිය තමයි මේ ප්‍රශ්ණය විසදන්නට වැඩිපුරම ජීවිත කැප කළේ. මේ ප්‍රශ්ණය විසදන්නට කියලා මම කියන්න කැමැතියි. අපට තියෙන්නේ මේ නිසා යුද්ධයෙන් සුව සාමය ඉදිරියට ගෙනි යන එකයි. සාමය සහජිවනය ඇති කරන්ට තහවුරු කරන්නට යළිත් ලංකාවේ යුද්ධ තියෙන්න උවමනාවක් නෑ. 

අද සමහරු කෑගහනවා පොලිසිය උතුරට දීලා කියලා. අනෙත් පිරිස කෑ ගහනවා දෙමළ පිරිස් පොලිසියට බඳවාගෙන නෑ නියලා. පොලිසියේ ඇබෑර්තු 7000ක් ම පුරවන්නට ඉතිරිව තියනවා. එයින් පළමු වටයේදී 700ක් දෙනාට පත්විම් ලබා දෙනාව දමිළ නිලධාරීන්ට කියලා. දන් ඇවිත් තියෙන්නේ කියද? 180 යි. මෙතනත් ප්‍රශ්ණ තියෙනවා. උතුරට දුන්නා කියනවා පත්විම්. අනෙක් අය කියනවා උතුරට බඳවාගෙන නෑ කියලා. 700ක් ගන්න හදන කොට 180යි ඇවිත් තියෙන්නේ. අපි කල්පනා කළා කොහාමද මේ ප්‍රශ්ණය විසදන්නේ කියලා. 

කැච් එක අත ඇරියොත් ද්‍රෝහි වෙනවා. කැච් එක අත ඇරියොත් මැච් එක පරදිනවා. කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්. එයයි අපිට කරන්න තියන්නේ. ඉතිං අපි සියලුම දෙනා එක්ම මේ සඳහා පියවරක් ගනිමු. කැච් එක අල්ල ගන්න ක්‍රියා කරමු.