Saturday, April 20, 2024

General line - 0115112241

පළාත් සභා ඡන්ද එක දවසේ පවත්වන පනතට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අධිකරණයට යනවලු




පළාත් සභා මැතිවරණ කල් නොයවා නියමිත පරිදී පවත්වා ගැනීම සඳහා නැවත වරක් අධිකරණයේ පිහිට පතන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් කියා සිටියේ ලබන 26වනදා වනවිට සබරගමුව පළාත් සභාව විසිරුවා හැරීමට නියමිතව ඇති බවයි. මැතිවරණ කොමිසමට ඊට අනුව ක‍්‍රියා කළ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරූණා

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගමද මෙහිදී අදහස් දැක්වූවාග ඔහු පැවසුවේ ඉකුත් දා සම්මත කෙරුණු පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්පතෙන් ආණ්ඩුව උත්සාහ කර ඇත්තේ අන් කිසිවක් නොව පළාත් සභා මැතිවරණ ද කල් දැමීමට බවයි.

විපක්ෂයේ අසුන් ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ ද පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන කෙටුම්තට පක්ෂව ඡන්දය ලබා දීම පුදුම සහගත බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙය ජනතා විමුක්ති පෙරමුණ සහ ආණ්ඩුව අතර ඇති රහසිගත එකඟතාවක ප‍්‍රතිඵලයක් විය හැකි බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ක‍්‍රිය කර ඇත්තේ ජනතාවට ද්‍රෝහී ලෙස බවද මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුවල ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් සමාව ගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ.