Friday, March 29, 2024

General line - 0115112241

ඇමති කියන දවසට ඡන්දය තියන්න බැහැ! මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි!




පළාත් සභා මැතිවරණ ඉදිරි මාස කිහිපයක් තුළ පවත්වා අවසන් කළ හැකි බවට විෂය භාර අමාත්‍යවරයා කරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. ඉකුත්දා සම්මත කෙරූණු පළාත් සභා ඡන්ද විමසීම් කෙටුම්පත සම්බන්ධයෙන් කොළඹ අද (22) පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව පැවසුවේ. මෙම කෙටුම්පතෙන් කොට්ඨාස සීමා නිර්ණය ඇතුළු ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිශ්චිත කාල සිමා දක්වා තිබෙනවා. එහෙත් අතීත අත්දැකීම් සමග සැසඳීමේදී ඒවා ප‍්‍රායෝගික නොවන බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ. 

පළාත් සභා ඡුන්ද විමසීම් සංශෝධන කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරයද පිළිගත නොහැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා. ඔහු පැවසුවේ සම්මත කෙරුණු පළාත් සභා සංශෝධන කෙටුම්පතට ඉතා නුදුරේදීම තවත් සංශෝධන ගෙන ඒමට සිදුවනු ඇති බවයි. මෙම කරුණු සැළකිල්ලට ගෙන පළාත් සභා සංශෝධන කෙටුම්පතට එරෙහිව නීතිමය සහන ලබාගත් හැකිදැයි කඩිනමින් සොයා බලන බවද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙහිදී කියා සිටියා.