Friday, April 26, 2024

General line - 0115112241

බියර් නීති ලිහිල් කරන සූදානමක්! පාර්ලිමේන්තුවේදී පවසයි!




ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සදහා ඇනවුම් කර ඇති තවත් ගුවන් යානා 04ක් මිල දී ගන්නේද නැතහොත් එම ඇනවුම අවලංගු කරන්නේදැයි කඩිනමින් තීන්දු කරන්නැයි පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩුවෙන් ඉල්ලමක් කෙරුණා. එසේ කළහොත් සිදුවිය හැකි විශාල අලාභයක් වළක්වාගත හැකි බවයි පාර්ලිම්න්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ. කෝප් කමිටුව විසින් තමත් වෙත පැවරූ බලතල ප‍්‍රකාරව එහි සභාපතිවරයා ලෙස තමන් මෙම යෝජනාව කරන බවද මන්ත‍්‍රීවරයා මෙහිදිී කියා සිටියා. 

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ආණ්ඩුව වෙනුවෙන් මීට ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, මෙවැනි යෝජනාවක් කිරීමට කෝප් කමිටුවට ඇති හැකියාව ද අභියෝගයට ලක් කරමින්. 

අමාත්‍ය රාජිත සේනාත්න ද මෙම සංවාදයට එක් වුණා. ඒ, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කරුණු වරදවා වටහාගෙන ඇතැයි පෙන්වා දෙමින්.


මේ අතර, ඉදිරි අයවැයෙන් බියර් සඳහා වන රෙගුලාසි ලිහිල් කිරීමේ සූදානමක් ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රශ්න කළා. 

 

මීට පිළිතුරු ලබා දුන්නා සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග.

වොයිස් කට් - (ජෝන් 01*