Thursday, April 18, 2024

General line - 0115112241

70 වැනි උපන්දිනය සමරන්න 03දා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්




ලබන මස 03වනදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළබඳ කාරක සභා රැස්වීමේදි තීරණය කර තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව ආරම්භ වී  වසර 70ක් ගතවීම නිමිත්තෙන්. ඒ අනුව, ඔක්තෝම්බර් 03වනදා පස්වරු දෙකයි තිහේ සිට පස්වරු හතරයි තිහ දක්වා මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.

මිට අමතරව සැප්තැම්බර් මස 28වනදා සහ ඔක්තෝම්බර් මස 09වනදා පස්වරු එකේ සිට පස්වරු හතයි 30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන බවටත් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබ`ද කාරක සභා රැුස්වීමේදී තීරණය කර තිබෙනවා.