Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන දිනය අදයි! අද දවසේත් ක්‍රීඩා ඉසව් රැසක්




පළාත් 09යේම ප‍්‍රධාන කී‍්‍රඩාංගනවල කෘති‍්‍රම ධාවන පථ එලීමට සැලසුම් කර ඇති බව කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. මාතර කොටවිල කී‍්‍රඩාංගණයේදී ඊයේ (22) ආරම්භ වූ 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඔලිම්පික් නියෝජනය කළ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙන්ම, ජාතික තලයේ දක්ෂතා දක්වන සෙසු කී‍්‍රඩක කී‍්‍රිඩිකාවන්ගේ උන්නතිය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව කැපවන බවද කී‍්‍රඩා අමාත්‍යවරයා මෙහිදී මෙහිදී කියාසිටියා.

මාතර කොටවිල කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 43 වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ දෙවන දිනය අදයි. අද දිනයේ මලල කී‍්‍රඩා ඉසව් 16ක අවසන් තරග පැවැත්වෙනවා. මීටර් 200,  මීටර් 800, මීටර් 400 කඩුලූ මතින් දිවීමේ කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වල අවසන් තරග අද උදෑසන පැවැත්වීමට නියමිතයි. මීටර් සියය සහය දිවීම කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වල අවසන් තරග  අද පස්වරුවේ පැවැත්වෙනවා.

මේ අතර කාන්තා සහ පිරිමි පාපන්දු අවසන් තරග, මාතර පාපන්දු සංගම් කී‍්‍රඩා පිටියේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. කාන්තා පාපන්දු අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙන්නේ ඌව සහ වයඹ පළාතයි. පිරිමි පාපන්දු අවසන් තරගය සඳහා බස්නාහිර සහ සබරගමුව පළාත් තරග වදිනවා. 

වොලිබෝල් කාන්තා සහ පිරිමි අවසන් තරග කොටවිල ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.