Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාවෙයි උතුරු කොරියාවෙයි පෙර පාසල් ගැටුමක්!




අමෙරිකාව සහ උතුරු කොරියාව අතර පවතින සීතල යුද්ධය පෙරපාසල් ගැටුමක් වැන්නක් බව රුසියාව පවසනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු ජනාධිපති කිම් ජෝන් උන් වරින් වර  සිදුකරන තර්ජනාත්මක ප‍්‍රකාශ පෙරපාසල් දරුවන් මෙන් බවයි රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් කියාසිටියේ. 

රුසියාව, චීනය හා එක්ව මෙම ගැටුමට හේතුපාදක වූ කරුණු පිළිබඳ අවධානය යොමුකරන බවද රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා. කෙසේවෙතත් අමෙරිකාව හා උතුරු කොරියානු ජනාධිපතිවරුන් සටන් කරන්නේ පෙරපාසල් දරුවන් මෙන් නිසා ඔවුන් කිසිසේත් නැවැත්විය නොහැකි වනු ඇති බවයි රුසියාව වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.