Thursday, April 25, 2024

General line - 0115112241

වසර 50ක් නිහඬව සිටි බාලි ගිනි කන්ද යළි අවදි වෙලා - බියට පත් ජනතාව කලබල වෙයි (VIDEO)




බාලි දිවයිනේ පිහිටි අගුන් ගිනි කන්ද යළි කම්පනය වීම හේතුවෙන් ඒ අවට දහස් ගණන් ජනයා ඉවත් කර ගැනීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

ඊයේ (22) සිට මෙහි කුඩා කම්පන සිය ගණනක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මේ වන විට දස දහසකට වැඩි පිරිසක් ඒ ආසන්නයෙන් ඉවත් කරගෙන තිබෙනවා. 

සංචාරකයන් අතර ප්‍රකට කුටා ප්‍රදේශය ආසන්නයේ පිහිටි මෙම ගිනි කන්ද යළි පිපිරීමට පටන්ගෙන ඇත්තේ වසර 50කට පසු ප්‍රථම වතාවටයි.