Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දීය තරග පරාජය ගැන ‘’චෝදනා කළ ප්‍රමෝද්‍ය’’ දැන් දෙන උත්තරය මෙන්න(UPDATE)

සඳුන් චන්දන සූරියවැව




ක්‍රීඩාවේ යහපත සම්බන්ධයෙන් තමාට ඇති වූ හැඟීම ප්‍රකාශ කළා මිස කිසිවෙකුගේ සිත් රිදීමක් සිදුකිරිමට බලාපොරොත්තු නොවු බව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

ඒ සම්බන්ධයෙන් තමා කණගාටුව ප්‍රකාශ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ.

එමෙන්ම තමන් හෙළි කළ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ද හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඉල්ලීමක් කරනවා.

පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරග කිහිපයකදී තරග රටාවන් අස්වාභාවික ලෙස වෙනස් වූ බවත් එය හදිසි හස්තයක් මගින් සිදු කළේදැයි සැක මතුවන බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 40 දෙනෙකු ක්‍රිකට් ආයතනය වෙත පෙත්සමක් ද භාරදුන්නා.

තමා කළ ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රිදවීමට අපේක්ෂා නොකළ බවයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.

එය ක්‍රිකට් කණ්ඩායම ඉදිරි ජයග්‍රහණ කරා යාමේදී වැදගත් වනු ඇති බවද එම නිවේදනයේ  ඔහු සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් බලන්න

--------------------------

ඉන්දියාව සමග අස්වාභාවික තරග පරාජය ගැන' චෝදනාවට' රහස් පොලිස් පරීක්ෂණ කැඳවන ලකුණු(23-09-2017 14:05)

පසුගිය දිනක රූපවාහිනී සංවාදයකදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවැසූ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙස දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග ඇතුළු ක්‍රීඩකයන් 40 දෙනෙකු ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ විධායක සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි.


හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කරන ලද චෝදනා සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කරනු ඇති බවට වාර්තා පළ වනවා.


රූපවාහිනී සංවාදයකදී ප්‍රමෝද්‍ය, ඉන්දීය තරගාවලියේදී අස්වාභාවික ලෙස තරග පරාජය වූ බව මෙන්ම ඇතැම් තීරණ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවට  චෝදනා කර තිබුණා.