Wednesday, April 24, 2024

General line - 0115112241

උගන්ඩාවේදී කොට සායට තහනමක්




උගන්ඩාව තුළ රාජ්‍ය සේවයේ නිරත කාන්තාවන්ට කොට සාය ඇඳීමට තහනමක් පනවා තිබෙනවා. 

කොට සායකින් සැරසී සේවයට වාර්තා කිරීම හේතුවෙන් එරට අධිකරණයක සේවය කළ ලිපිකාරිනියකගේ සේවය අත්හිටුවීමටද උගන්ඩා බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

ඇය සැරසී සිටි කොට සාය සහ ඇඟට හිරවෙන ඇඳුම් අධිකරණය සම්බන්ධයෙන් අයහපත් ආකල්පයක් මතු කරන බව ද දඬුවම් නියම කරමින් ඇය වෙත නිකුත් කළ ලිපියේ දක්වා තිබුණා. 

රාජ්‍ය සේවයේ නිරත  කාන්තාවන් සේවයට වාර්තා කිරීමේ දී සැරසිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙමින් මීට මාස කිහිපයකට ඉහතදී උගන්ඩාවේ ආණ්ඩුව චක්‍රලේඛයක් ද නිකුත් කළා.  

අත් නැති හැට්ට ඇඳීම සහ පපු පෙදෙස අනාවරණය වන ඇඳුම්වලින් සැරසීම ද කාන්තාවන්ට එමගින් තහනම් කර තිබෙනවා.