Thursday, April 25, 2024

General line - 0115112241

තායි රාජා හස්තියා රැගෙන ගිය ට්‍රක් රථයක් කටුගස්තොට දී අනතුරට




ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතියේ තායි රාජා හස්තියා රැගෙන ගිය ට්‍රක් රථයක් කටුගස්තොට කළුගල ප්‍රදේශයේ දී අද (23) පෙරවරුවේ අනතුරට ලක්ව තිබෙනවා.

තායි රාජා රැගත් ට්‍රක් රථයට ඉදිරියෙන් ගමන් කළ ලංගම බස් රථයක් එකවර තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරෙන් ජීප් රථයකට ද හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් තායි රාජා හස්තියාට අනතුරෙන් කිසිඳු හානියක් සිදුව නොමැති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

මේ අතර පසුගියදා මෙවැනි අනතුරකින් හබරණ සෆාරි අලියා නමින් ප්‍රසිද්ධව සිටි හස්තියා කඩුගන්නාව ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව දැඩි ලෙස තුවාල ලබා පසුව ජීවිතක්ෂයට පත්වුණා.

එම හස්තියා අවිධිමත් ලෙස ප්‍රවාහනය කිරීම හේතුවෙන් එම ඉරණමට ලක්වූ බවටයි චෝදනා එල්ල වුණේ.