Friday, April 19, 2024

General line - 0115112241

පුහුණු ශ්‍රමිකයින් විදේශගත කිරීමේ වත්මන් රජයේ අරමුණ සාර්ථකයි




පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශගත කිරීමේ වත්මන් රජයේ අරමුණ සාර්ථක වී ඇති බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

ඒ අනුව ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වන ශ්‍රමිකයින්ට වඩා පුහුණු ශ්‍රමිකයින් විදේශගත වීම ගත වූ වසර දෙක හමාර තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවයි අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දත්ත අනුව මෙම වසරේ අගෝස්තු දක්වා කාල සීමාව තුළ පිරිමි ශ්‍රමිකයින්ට සාපේක්ෂව කාන්තාවන් විදේශගත වීම සියයට 34යි දශම එකක්.

අදාළ කාල සීමාව තුළ පිරිමි ශ්‍රමිකයින් අනූතුන් දහස් තුන්සිය පනස් එක් දෙනෙකු විදේශගතව ඇති අතර කාන්තාවන් හතළිස් අට දහස් තුන්සිය හැත්තෑ හතරක් විදේශගතව තිබෙනවා.

විගමණික රැකියා වෙළ`දපොල තුළ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් ලැබී ඇති බව එම`ගින් ගම්‍ය වන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.