Thursday, April 25, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගී මාර්ගයට විරුද්ධ වෙන්න එපා




කොළඹ - නුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධා නොකරන්නැයි සියලූ පාර්ශවවලින් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියන් පවසනවා.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අනු නා හිමියන් මේ බව කියා සිටියා.

කොළඹ සිට නුවර යාමේ දී සිදුවන මාර්ග අවහිර මෙන්ම වැය වන කාලය වළක්වා ගැනීමට නම් මෙවැනි ව්‍යාපෘති රටට අවශ්‍ය බවයි උන්වහන්සේ කියා සිටියේ.

මහනුවර ආශ්‍රීතව අනාගතයේ දී ඉදිවීමට නියමිත කර්මාන්ත ශාලා හා සංවර්ධන කටයුතුවල දී අධිවේගී මාර්ගයේ වැදගත්කම පිළිබඳව ද මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියන් මෙහිදී මාධ්‍ය වෙත පෙන්වා දුන්නා.