Saturday, April 20, 2024

General line - 0115112241

ජනතා මතය අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්න




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  සකස් කරන අවස්ථාවේ දී  ජනතා මතය විමසීම අත්‍යවශ්‍ය බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී හිමියන් පවසනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අද (23) උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා.

එහිදී උන්වහන්සේ මේ බව කියා සිටියා.

ප්‍රථමයෙන් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ට අතුරු වාර්තාව පිළිගැන්වුණා.

ඉන් අනතුරුව අමාත්‍යවරයා එය අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් වෙත පිළිගැන්වූයේ.