මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද එම දුම්රිය ස්ථානය වෙත පැමිණ තිබෙනවා.
දෙවන හා පළමු පන්තියේ ටිකට්පත් වැඩි මිලට විදේශීය සංචාරකයින්ට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම දුම්රිය ස්ථානයේ සංචාරක තොරතුරු විමසීම් මධ්‍යස්ථානයේ සේවය කළ පුද්ගලයෙකුටයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ කණ්ඩායම මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
චෝදනා එල්ල වී ඇති පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධයක් නොමැති පිටස්තර අයෙකු බව දුම්රිය ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.