Tuesday, April 23, 2024

General line - 0115112241

කතාවක් නැති නිසා කතා කළ ජෝශප් මයිකල් පෙරේරා




ජාතික යොවුන් පෙරමුණ ජාඇල ප්‍රදේශයේ අද (23) සංවිධාන කර තිබූ රැස්වීමක් අතරතුර ජාඇල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා ආවේගශීලිව හැසිරුණා.

ඔහු එලෙස හැසිරී තිබුණේ අදාළ රැස්වීමට තමන්ට ආරාධනා කළද එහි කතාවක් ලබා නොදීම සම්බන්ධවයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා.

ජාඇල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මෙම රැස්වීමට සහභාගී වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන රැස්වීම අමතමින් සිටියදීයි.

කෙසේ වෙතත් තමන්ට කතාවක් ලබා නොදීම සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා දැක්වූයේ මෙවන් අදහසක්.

 

කෙසේ වෙතත් ඇති වූ තත්වයත් සමග රවී කරුණානායක හා කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන් රැස්වීමෙන් පිටව ගියා.