Friday, April 19, 2024

General line - 0115112241

අලියයි සීනුවයි දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්




ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා එක්ව ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගනිමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ යනු මේ වනවිට පක්ෂ දෙකක් නොව එකක් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍රජාතන්ත්‍රවාදය හා දේශප්‍රේමිත්වය කුමක් වුයේ ද යන්නයි මන්ත්‍රීවරයා මෙහිදී අසා සිටියේ.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීයි.