Tuesday, April 23, 2024

General line - 0115112241

කොට්ඨාස ක්‍රමය ගැන කියපු අය ගැන එස් බී කියන කතාව මෙන්න




ඒකාබද්ධ විපක්ෂය පවසන ආකාරයෙන් මැතිවරණ කල් දැමීමට ආණ්ඩුවට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.

කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමේ යම් ප්‍රමාදයක් සිදු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බව පැවසු ඒකාබද්ධ විපක්ෂය මෙවන විට විවිධ මත පල කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස් බී දිසානායක අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.