Friday, April 26, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස ලක්ෂ 10 ඉක්මවයි - අවසන් දිනය අද




ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 19 වන වරටත් සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (24) අවසන් දිනයයි.

අද දිනයේදීත් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අතිසාර්ථකව මෙය පැවැත්වෙනවා. 

ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර පැවසුවේ ලක්ෂ 10කට අධික පිරිසක් පසුගිය දින 09 තුළ ප‍්‍රදර්ශනය නැරඹීමට එක්වූ බවයි. 

මෙවර ද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝව ලෙස නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කළා.

නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කලාපයක්ද ප‍්‍රදර්ශන භූමිය තුළ ස්ථාපිත කර තිබෙනවා. අයි කිව් විශ්ව කෝෂය , අට පාස් වැනි පොත්, ධර්ම දේශනා, කලබල පැංචා වැනි වැඩසටහන් ඇතුළත් සීඩී පට මෙහිදී මහජනතාවට ලබා ගත හැකියි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ඔබට දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් පුස්තකාල ඉදිකිරීම සඳහා කි‍්‍රයාත්මක දිරිය නෙත් සමාජ සත්කාරයට දායකවීමට ද අවස්ථාව උදාකර දී තිබෙනවා. ප‍්‍රදර්ශන භූමියේ ඇති නෙත් කලාපයට ඔබේ පොත් ගෙනවිත් බාරදීමෙන් ඊට දායක විය හැකියි.