Thursday, March 28, 2024

General line - 0115112241

ICCය ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පරීක්ෂණ අරඹයි




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දුෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇති.

පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරග කිහිපයකදී තරග රටාවන් අස්වාභාවික ලෙස වෙනස් වූ බවත් එය හදිසි හස්තයක් මගින් සිදු කළේදැයි සැක මතුවන බවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 40 දෙනෙකු ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදු කළා.

පසුව ප්‍රමෝද්‍ය සඳහන් කළේ තමා කළ ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රිදවීමට අපේක්ෂා නොකළ බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ ආරම්භ කිරීමට පාදක වී ඇති බවයි වාර්තා වෙන්නේ.