Saturday, April 20, 2024

General line - 0115112241

පාකිස්තානය ත්‍රස්තවාදීන්ගේ නිෂ්පාදනාගාරයක්(VIDEO)




පාකිස්තානය ත්‍රස්තවාදීන්ගේ නිෂ්පාදනාගාරයක් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් පවසනවා.

පාකිස්ථානය, අපනයනය සඳහා ත්‍රස්තවාදය නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් බවට පත්ව ඇති බවයි ඇය කියා සිටියේ.

ඉන්දියාව නියෝජනය කරමින් එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ඊයේ (23) නැවතත් ජගත් මහා මණ්ඩලය අමතනු ලැබුවා.

එහිදී ඇය පාකිස්ථානයට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළා.

එමෙන්ම ත්‍රස්තවාදය අද මිනිසත් බවට එරෙහිව පවතින ප්‍රබලතම අනතුර ලෙස ඇය හැඳින්වූවා.

ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා එක්වන්නැයි ඇය ජගත් මහා මණ්ඩලයට පැමිණ සිටි ලෝක නායකයන්ගෙන්ද ඉල්ලීමක් කළා.

එමෙන්ම දුප්පත්කමට එරෙහිව තම රට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය ජගත් මහා මණ්ඩලය අමතමින් ඊයේ (24) සිදුකළ කථාවේදී පැහැදිළි කර තිබෙනවා.