Saturday, April 20, 2024

General line - 0115112241

කසළ තේ කිලෝග්‍රෑම් 2000ක් පොලිස් භාරයට

හැටන් - රංජිත් රාජපක්ෂ




හැටන්, කොටගල රොසිටා නගරයේ වෙළෙඳ සැලකට රැගෙන යමින් තිබූ කසළ තේ කිලෝග්‍රෑම් 2000ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ දිඹුල පොලීසිය විසින්. මස්කෙළිය ප්‍රදේශයේ සිට ලොරි රථයකින් කොටගල නගරයට සැකකරුවන් මෙම කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් තිබුණා.

පොලිසියට ලද තොරතුරකට අනුවයි ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. සැකකරුවන් සතුව තේ ප්‍රවාහනය සඳහා  නිකුත් කළ බලපත්‍රයක්ද නොතිබූ බව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (25) ඉදිරිපත් කිරීමට නියමිතයි.