Friday, March 29, 2024

General line - 0115112241

උපක්‍රමශීලිව ආණ්ඩුව පනත් සම්මත කරනවා




නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ද නීතිවිරෝධීව සම්මත කරගැනීමට ආණ්ඩුව උත්සහ දරනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ පක්ෂ මූලස්ථානයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අධිකරණ නියෝග නොතකා හානිකර සංශෝධනයක් පාර්ලිමේන්තුවේ දී සම්මත් කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළා.

කූඨ උපක්‍රම යොදාගෙන පාර්ලිමේන්තුවෙ දී ආණ්ඩුව පනත් සම්මත කර ගන්නා බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියා.

නව ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කිසිසේත්ම රටට සුබදායක නොවන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

රටක මූලික නීතිය වෙනස් විය යුත්තේ බාහිර බලවේගයන්ගේ අවශ්‍යතාවට නොවන බව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.