Friday, April 26, 2024

General line - 0115112241

බෞද්ධයින් අද අඳුරු යුගයක




බෞද්ධයින් අද අඳුරු යුගයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ බෞද්ධාගමට නිසි සැළකිල්ලක් ද නොලැබෙන බවයි.

ස්වාමීන් වහස්සේලා පසුගියදා පිණ්ඩපාතයේ වැඬම කළ අවස්ථාවේ උන්වහන්සේලාට හිරි හැර කළ පිරිස් බෞද්ධයන් වීම කණගාටුදායක බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

ඇතැම් පුද්ගලයින් සිය පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් බෞද්ධාගම භාවිත කිරීම හා ඔවුන් එසේ කටයුතු කරනු ලබන්නේ නායකයින්ගේ දුර්වලතා බවද ඔහු කියා සිටියා.

ඔහු මෙම අදහස් පළ කළේ වැල්ලවායේ අද (24) පැවැති ජනහමුවකට එක්වෙමින්.

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි කිසිවකුත් ප්‍රකාශ කර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත්  කියා සිටියා.

ජනතාව ඉල්ලීමක් කළේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක් පමණක් බවයි ඔහු සහන් කළේ.

මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපළ විකිණීමේ සූදානමක් ඇති බව ද මෙහිදී  හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.