Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුව භික්ෂුන් වහන්සේලා නිහඬ කිරිමේ වෑයමක




බෞද්ධාගම ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියේදී විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගන්නා බව මවුබිම සුරැකීමේ ජාතික බලවේගය පවසනවා.

එහි සංවිධායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ එහි පළමු අදියර ලබන සතියේ ආරම්භ කරන බවයි.

භික්ෂුන් වහන්සේලා නිහඬ කිරිමේ වැඩ පිළිවෙලක් ආණ්ඩුව දියත් කරමින් ඇති බවත් ඒ අනුව විහාරස්ථානවලට මුදල් ලබාදීමේ ක්‍රියාවක ආණ්ඩුව නිරත වී ඇති බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියා.

උන්වහන්සේ මෙම අදහස් පළකළේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.