Saturday, April 20, 2024

General line - 0115112241

ඇන්ගෙලා මර්කල් යළිත් පුටුවේ හිඳ ගනී




ජර්මනියේ චාන්සලර්වරිය ලෙස ඇන්ගෙලා මර්කල් යළිත් පත් වී තිබෙනවා.

ඒ, ඊයේ (24) පැවති මහ මැතිවරණයෙන් ජය ගනිමින්.

ඇය එලෙස තේරීපත් වූයේ සිව්වන වරටයි.

මෙතෙක් නිකුත් වී ඇති ප‍්‍රතිඵලයට අනුව ඇන්ගෙලා මර්කල්ගේ පක්ෂයට බහුතර බලයක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ජර්මන් පාර්ලිමේන්තුව සහා නියෝජිතයින් තෝරාපත් කර ගැනෙන්නේ ඡන්ද දායක කොට්ඨාස හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයකින්. මන්ත‍්‍රී ධුර 630න් 299ක්ම තෝරා ගැනෙන්නේ මහජන ඡන්දයෙන්.