Friday, March 29, 2024

General line - 0115112241

කැන්ගරුවන් සරා පිටියේදී ජයපැන් බොයි




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවති පුහුණු තුන්දින කි‍්‍රකට් තරගය ඉනිමකින් සහ ලකුණු 162 කින් ජය ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අද (20) සමත් වුණා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 229 ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 474 ක්.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 83 කට සීමා කරන්නට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් සමත් වුණා.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වු ස්ටීව් ඔකීෆේ මෙම තරගයේදී කඩුලු 10 ක් දවා ගත්තා. තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේදීයි.