Tuesday, April 16, 2024

General line - 0115112241

කොන්දොස්තරට මරු කැඳවූ රියදුරුගේ වේගය (PHOTOS)

ජූඩ් සමන්ත - පුත්තලම




පුත්තලම - හලාවත මාර්ගයේ උඩප්පුව මංසන්ධියේදී අද (26) අළුයම 5.20 ට පමණ පෞද්ගලික බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ වව්නියාවේ සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක්, ඉදිරියෙන් ගමන් කරමින් තිබූ මාළු ප්‍රවාහන කුඩා ලොරියක පිටුපස ගැටීමෙන්. අනතුරුව මාර්ගයේ වම් පස ඇති ගසකද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රිය අනතුරෙන් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා  තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ පුද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා ලෙස කටයුතු කළ අයෙක්. තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරාද වනවා.

යාපනයේ සිට මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය එක් වරම උඩප්පුව මංසන්ධියෙන් දකුණු පසට හැරවීමට උත්සාහ කර ඇති අතර ඒ වන විට පිටුපසින් පැමිණි බස් රථය ඉදිරියෙන් ගමන් කළ ලොරියේ පිටුපස ගැටී පසෙක තිබූ ගසකද ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. බස් රථය අධික වේගයෙන් ගමන් කර ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.