Saturday, April 20, 2024

General line - 0115112241

බණ්ඩාරනායක ගුණ සැමරේ (PHOTOS)




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්වුණා.

ඒ හා සමගාමීව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාගේ ද ගුණ සිහි කෙරුණා.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් විසින් ප්‍රථමයෙන් සමාධියට පුෂ්පෝපහාර දැක්වූ අතර අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාධියට මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ඇතුඑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ද සමාධියට පුෂ්පෝපහාර දැක්වූවා.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අද පෙරවරුවේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ විසින් පිරිස පංචශීලයේ පිහිටුවුවා.

අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් විසින් පුණ්‍යානුමෝදනාව සිදු කළා.

පළාතේ මහා සංඝරත්නය ද, මැති ඇමතිවරු ඇතුථ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.