Thursday, April 25, 2024

General line - 0115112241

සවුදි ගැහැණුන්ට ඉතිහාසයේ මුල්වරට ලැබෙන වරම (VIDEO)




සවුදි අරාබියාව සිය 87 වන  ජාතික දින සැමරුම මෙවර උත්සවශ්‍රීයෙන් සමරනු ලබන්නේ වෙනස්කම් රැසක් සමගින් බව එරට වාර්තා පවසනවා.

ඒ පළමු වරට රියාද්හි ෆාහ්ඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට කාන්තාවන්ට ඇතුළුවීමට වරම් ලබාදීමත් සමගයි.

 

මීට පෙර කිසිඳු අවස්ථාවක සවුදි රජය රාජ්‍ය කටයුතු හා පොදු කටයුතුවල දී කාන්තාවක් යොදා නොගෙන ඇති අතර 87 වන ජාතික දින සැමරුමේ දී කාන්තාවන්ට අවස්ථාව ලබාදීමටයි එරට රජු තීරණය කර ඇත්තේ.

 

මෙයට පෙර පැවති සාම්ප්‍රදායෙන් ඈත් වී නව පරිච්ඡේදයක් ආරම්භ කිරිම සවුදි රජුගේ අරමුණයි. එය 2017 වසරේ විශාල වෙනසක් බවයි සඳහන් වන්නේ.

 

මෙහිදී පළමු වරට රාජකීය, ආගමික හා යුද්ධමය ඉතිහාසයට ප්‍රශංසා කිරීම සඳහා  මෙහිදී කාන්තාවන්  අනුමැතිය හිමිව තිබීම විශේෂත්වයක්.

 

කෙසේ වෙතත් සවුදි රජුගේ මෙම තීරණය එරට වෙසෙන විශාල පිරිසක් විවේඡනය කර තිබෙනවා.