Tuesday, April 16, 2024

General line - 0115112241

විවේචනය හේතුවෙන් ඉන්දියානු මහාචාර්යවරයාට අත්වූ ඉරණම




ඕමාන සුල්තාන්වරයාව විවේචනය කර ඇති ඉන්දියානු මහාචාර්යවරයෙකුට රටින් පිටව යන ලෙස ඕමාන රජය දැනුම් දී තිබෙනවා.

සුලෙයිමාන් අල් නඩාවි  නම් වන ඔහු විසින්  දේශනයක දී ඕමාන සුල්තාන්වරයාව විවේචනය කිරිම එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් හෙළා දැක ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සුලෙයිමාන්ගේ දේශනයේ අන්තරගතයේ ,  ඕමාන සුල්තාන්වරයා විවේචනය කර ඇති අතර සුල්තාන්වරයා මූලධර්ම හා ප්‍රතිපත්ති නොසලකා හරින බව ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඕමාන්හි සුල්තාන් රාජ්‍යයේ නිසි බලධාරීන් මෙම කාරණය සම්බන්ධයෙන් කටයුතු කර ඇති අතර , සුලෙයිමාන්ට රටින් පිටව යන ලෙස  ඔහුගෙන් ඉල්ලා සිටියා.