Saturday, April 20, 2024

General line - 0115112241

උත්සන්න වූ අමෙරිකානු  ජාතික ගීය හා පාපන්දු ක්‍රීඩකයින් අතර ගැටුම (UPDATE)




අමෙරිකානු ජාතික ගීය සහ අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයින් අතර හටගෙන ඇති අර්බුදය යළි උත්සන්න වී තිබෙනවා.

, අමෙරිකානු ජාතික පාපන්දු ලීගයේ තරගයක් නැරඹීමට පැමිණි එරට උප ජනාධිපති මයික් පෙන්ස් ක්‍රීඩකයින්ගේ ක්‍රියා කලාපයට විරෝධය පා නැගිට යාමත් සමගයි.

මෙම තරගයේදී ද ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ජාතික ගීය වාදනය වනවිට නැගී නොසිටීම ඊට හේතු වුණා.

------------------------------

ජාතික ගීය අවමන් කළාට ට්‍රම්ප් කුපිත වෙයි (26-09-2017 19:58)

පාපන්දු පෙරහුරු වැඩසටහනක් පසුගිය ඉරිදා ලන්ඩන් නුවර දී පැවත්වුණා. එහිදී ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාලෝලීන් එක්ව අමෙරිකානු ජාතික ගීය ගායනා කරනු ලැබුවා.

එම අවස්ථාවේ දී අමෙරිකානු පාපන්දු කණ්ඩාමයේ සාමාජිකයන් එරට ජාතීක ගීය අවමන් කර ඇති බව සඳහන් වනවා.

එමෙන්ම ක්‍රීඩකයින් හා ක්‍රීඩාලෝලීන් පිරිසක් අමෙරිකානු ජාතික ගීය වර්ජනය කර තිබු අතර  එය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පෙරහුරුව අතරවාරයේ අමෙරිකානු ජාතික ගීතය වාදනය වූ අවස්ථාවේ ඇතැමුන් වාඩිවී සිටි අතර තවත් පිරිසක් දණහිසින් සිටි බවයි  වාර්තා වුණේ.

එහිදී අමෙරිකානු ජාතික ගීයට හා අමෙරිකාවට අපකීර්තියක් එල්ල වී ඇති බවයි ජනාධිපති ට්‍රම්ප් පවසනවා.

එලෙස තමන් අපකීර්තියට පත් කරන්න හට වෙඩි ප්‍රහාර එල්ල කළ යුතු බවයි ඔහු සිය ආවේගය පල කර ඇත්තේ.

සිය ටීවිටරය මගින් අමෙරිකානු ජනාධිපතිවරයා ආවේගය පල කර ඇති අතර ලන්ඩනයට ‍ගොස් සිටින අමෙරිකානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා ක්‍රීඩාලෝලීන් නැවත එක්සත් ජනපදයට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.