Friday, April 19, 2024

General line - 0115112241

මනුෂ්‍ය ඝාතනයක වැරදිකරුවෙකුට මරණ දඬුවම




මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයකුට ගම්පහ මහාධිකරණය විසින් අද (26) මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඒ සභිකයින් 7 දෙනකුගෙන් යුත් ජූරි සභාවක් හමුවේ මෙම නඩුව කැවීමෙන් අනතුරුවයි.

මරණ දඬුවම හිමිවූ පුද්ගලයා විදේශගතව සිටින බවයි ආගමන විගමන පාලකවරයා අධිකරණයට දැනුම් දි ඇත්තේ.

පසුගිය වසරේ ජුනි මස 30 වැනිදා යූ.එල්. 207 දරණ යානයෙන් විත්තිකරු අබුඩාබි බලා පිටත්ව ගොස් තිබුණා.

ඒ අනුව විත්තිකරු ශ්‍රී ලංකාවට පැමිණි විගස අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර එය ආගමන විගමන පාලකවරයාට ද දැනුම් දී තිබෙනවා.

1994 වර්ෂයේ නොවැම්බර් මස 13 වැනි දින මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇති බව සඳහන්.

 ඒ වේයන්ගොඩ කොරොස ප්‍රදේශයේදීයි.

මෙම සිද්ධියට වැරදිකරු වූ විත්තිකරුට මීට පෙර අවස්ථාවකදී මරණ දඬුවම හිමිව තිබෙනවා.

එම තීන්දුව ඔහු අභියෝගයට ලක් කරමින් ජූරි සභාවක් ඉදිරියේ මෙම නඩුව කැවන ලෙසයි විත්තිකරු අභියාචනයක් ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව විත්තිකරුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා.