Saturday, April 20, 2024

General line - 0115112241

ජීනීවාහිදී ශ්‍රී ලාංකිකයන් වයිකෝට පහරදීමට උත්සහ කිරිම හෙළා දකින ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක්




ජීනීවාහිදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝට පහරදීමට උත්සහ දැරූ බව කියන සිද්ධිය හෙළා දකින්නැයි එරට ඩී.එම්.කේ පක්ෂය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වයිකෝ විසින් ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවූ බවට චෝදනා කරමින් අදහස් දක්වා තිබුණා.

ඒ සමගම එතැනට පැමිණි පිරිසක් ඔහුට පහරදීමට උත්සහ කොට ඇති අතර ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂ වැඩබලන සභාපතිවරයා පවසන්නේ ඔවුන්ගෙන් ඇතැමෙක් ශ්‍රී ලාංකිකයන් බවයි.

මෙම සිද්ධිය තමන් දැඩි සේ හෙළාදකින අතර ඒ සම්බන්ධයෙන් පියවරක් ගැනීම සහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ඩී.එම්.කේ. පක්ෂය ඉන්දීය රජයට අවධාරණය කරනවා.

පසුගිය සතිය තුළදී වයිකෝ මානව හිමිකම් කොමිසමේදී අදහස් දක්වන අතරතුර මෙරට රජයට හා මෙරට ආරක්ෂක හමුදා වෙත චෝදනා රැසක් එල්ල කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.