Wednesday, April 24, 2024

General line - 0115112241

ගලේවෙල රිය අනතුරෙන් 12ක් රෝහලේ (PHOTOS)

මොහොමඩ් බුහාරුඩීන් - ගලෙවෙල




දඹුල්ල කුරුණැගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේ  දී මාර්ගයේ ධාවනය වෙමින් තිබු කැබි රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 11 ක් බරපතල තුවාල ලබා අද (26) රෝහල් ගතකර තිබෙනවා.

ගලේවෙල පොලිසිය පැවසුවේ දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබු කැබ් රථයක් හා ඊට පිටුපසින් පැමිණි වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදුවි ඇති බවයි.

කැබි රථයේ දෙදෙනෙකු හා වැන් රථයේ 11 දෙනෙකු බරපතල තුවාල ලබා ගලේවෙල දිසා රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පල්ලෙපොල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

වෑන් රථයේ සිටි 7 කු වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා ඇතැයි ගලේවෙල පොලිසය කියා සිටියා.

වෑන් රථයේ සිටි පිරිස අවමගුල් උළෙලකට සහභාගි වි නැවත නිවස බලා යමින් සිටියදි මෙලෙස වැන් රථය අනතුරට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයේන් ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.