Thursday, March 28, 2024

General line - 0115112241

අමෙරිකාවේ මැදිහත් වීමෙන් ඵලක් නෑ




පලස්තීන තුවක්කුකරුවෙකු විසින් ඊශ්‍රායල් ජාතිකයන් තිදෙනෙකු වෙඩි තබා මරා දමාඇති බව ඊශ්‍රායල් පොලිසිය පවසනවා.

පොලිසිය පවසන පරිදි මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ බටහිර තීරයේ ඉදිකර ඇති යුදෙව් ජනාවාසයක පිවිසුම් දොරටුවක් ඉදිරිපිටදීයි.

මෙම වෙඩි තැබීම සිදුවීමෙන් අනතුරුව තුවක්කුකරුට ද වෙඩි තබා මරා දමා ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු අසල ගම්මානයක පදිංචි 37 හැවිරිදි පලස්තීන ජාතිකයෙකි බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

පලස්තීනයේ උසිගැන්වීම් හේතුවෙන් මෙම ප්‍රහාරය සිදු වී ඇති බවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු චෝදනා කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සිදුවූයේ ඊශ්‍රායල් - පලස්තීන සාම සාකච්ඡා යළි ප්‍රාණවත් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝජිත ජොන්සන් ග්‍රීන්බ්ලට් ජෙරුසෙලමට පැමිණ ඇති අවස්ථාවකයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින විරසකය තුනී කිරීම සඳහා ධවල මන්දිරය පදනම සකස් කරමින් සිටිනවා.

නමුත් මේ දක්වා ඉන් කිසිඳු ප්‍රගතියක් නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැවති සාම සාකච්ඡා 2014 අප්‍රේල් මාසයේදී බිඳ වැටුණා.