Wednesday, April 24, 2024

General line - 0115112241

එල්ලන්න තීන්දු කළ විද්‍යා ඝාතකයින් දැඩි රැකවල් මැද බන්ධනාගාරයට රැගෙන යයි! (PHOTOS)

රොමේෂ් මධුශංක - වන්නි




ශිවලෝගනාදන් විද්‍යා නම් පාසල් සිසුවිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමට වරදකරුවන්වූ හත්දෙනා මරණ දණ්ඩනය පැනවීමෙන් අනතුරුව යාපනය මහාධිකරණයේ සිට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන යන ආකාරය දැක ගැනීම පිණිස විශාල පිරිසක් රැස්ව සිටියා. දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක්ද මෙම සුවිශේෂි නඩු තීන්දුව ලබාදුන් අද (27) දවසේ යාපනය අධිකරණයට පැමිණ සිටියා.

මරණ දණ්ඩනය නියමවූ වරදකරුවන් හත් දෙනා බන්ධනාගාර නිලධාරීන් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රැගෙන ගිය අයුරුයි මේ.