Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රිකට් නව මගකට යොමු කිරීමේ වාර්තාව ඇමතිට 




වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් පැවති වැඩමුළුවේ වාර්තාව ඊයේ (27)  ක්‍රීඩා අමාත්‍ය  දයාසිරි ජයසේකර  වෙත මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් පිළිගන්වනු ලැබුවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ සභාපති තිලංග සුමතිපාල , හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසූරිය  හා අරවින්ද ද සිල්වා  ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම වාර්තාව සලකා බලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් දිගු කාලීන සැලසුම් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය මානව සම්පත් ලබා ගන්නා ලෙසයි  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර උපදෙස් ලබාදී ඇත්තේ.