Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රිකට් නව මගකට ගන්න ඇමති මහේලට ඇරයුම් කරයි!




ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරීමේ වැඩමුළුවේදී ඉදිරිපත් වූ යෝජනා ක‍්‍රියාත්මක කිරීම සඳහා ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

පස් දෙනෙකුගෙන් යුත් මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත්තේ  හිටපු අතුරු කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසූරියයි. අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර ද මෙම කමිටුවට ඇතුළත්. ක‍්‍රීඩා වෛද්‍ය ආයතතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ද මෙම කමිටුවට ඇතුළත්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරීමේ වැඩ පිළිවෙල සඳහා ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, මහේල ජයවර්ධනට ද ආරාධනා කර තිබෙනවා. ඉදිරි මාස 03 ඇතුළත මෙම දීර්ඝකාලීන වැඩසටහනේ සැළසුම් ඉදිරිපත් කිරිමට නියමිතයිි. ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඊට අවශ්‍ය සියලූ පහසුකම් සපයනු ඇත