Saturday, April 20, 2024

General line - 0115112241

නවීන අංග රැසක් - සැම්සුන් Galaxy Note 8 මෙරට වෙළඳපළට හඳුන්වාදෙයි (PHOTOS/VIDEO)




සැම්සුන් ශ්‍රී ලංකා සමාගම විසින් නවතම සැම්සුන් Galaxy Note 8 Smart ජංගම දුරකථනය පසුගියදා මෙරට වෙළඳපළට හඳුන්වා දෙනු ලැබුවා.

නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නව විශේෂාංග රැසක්ද සමඟින් සැම්සුන් Galaxy Note 8 Smart ජංගම දුරකථනය වෙළඳපළට ඉදිරිපත් කර ඇත්තේ.

සැම්සුන් Galaxy Note 8 Smart ජංගම දුරකථනය එක අතකින් පහසුවෙන් හසුරවාගත හැකි ලෙස නිර්මාණය කර ඇති  පුළුල් තිරය මෙහි මූලික අංගයක් වන අතර Infinity Display නැමති තාක්ෂණයෙන් එය නිමකර තිබීම විශේෂත්වයක් වනවා.

මීට අමතරව සන්නිවේදනය ඉතා පහසුවෙන් ක්‍රියාකිරීමට S Pen වැනි නවීණ අංගයන්ද මෙයට ඇතුලත් කර ඇති අතර මෙහි  ද්විත්ව කැමරා මඟින් අති විශේෂ හා ඉතා පැහැදිලි ඡායාරූප ලබාගැනීමට හැකියාව පවතිනවා.

සැම්සුන් Galaxy Note 8 ජංගම දුරකථනය එම කාණ්ඩයේ දුරකථන සඳහා කැමැත්තක් දක්වන පාරිහෝගිකයන් හට නවතම තාක්ෂණය හරහා ආරක්ෂක අත්වැලක් Samsung knox හරහා ලබාදෙන බවයි එම සමාගම පවසන්නේ.

Singer, Softlogic සහ බලයලත් සැම්සුන් නියෝජිතයන්ගෙන් මෙන්ම තෝරාගත් ඩයලොග් වෙළඳසැල් වලින්, අන්තර්ජාලය හරහා wow.lk මගින් මෙම නවීන සැම්සුන් Galaxy Note 8 දුරකථනය මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

 

මෙහි ඇති ගුණාංග මොනවද කියනවා නම්,

  • ඉදිරිපස Home Button එකක් නොමැත.
  • samsung සමාගම මුල්වරට හදුන්වලා තියෙන Dual Camera system එක.

මුල්වරට ස්මාර්ට් ෆෝන් එකකට optical image stabilization හදුන්වලා දෙන්නේ මේ Samsung Galaxy Note 8 එකෙන්. පහත Gif එකෙන් පේනවා ඇති lense එක හෙලවෙනවා. ඒකෙන් අපිට අපේ අත හෙලවුනත් වීඩියෝ එක හෙල්ලෙන්නේ නැතුව රෙකෝඩ් කරගන්න පුළුවන්.

  • අගල් 6.3 ක 1440x2160 Super AMOLED curved Infinity Display ඩිස්ප්ලේ එක.
  • ඉදිරිපස 8 Mp සහ පිටුපස 12 Mp Dual කැමරා සහිතයි.
  • රැම් එක 6 GB.
  • 3,300mAh බලයක් සහිත බැටරිය.
  • 1.6GHz octa-core ප්‍රොසෙසරයක් සහිතයි.
  • 64 GB Internal Memory සහිහයි, අවශ්‍යනම් Memory Card සම්බන්ධ කිරීමෙන් Memory එක තවත් වැඩි කරගන්න පුළුවන්.
  • Android 7.0 Nougat මෙහෙයුම් පද්ධතිය ඇතුලත් වේ.
  • ඉක්මනින් බැටරිය ආරෝපණය වීම සහ රැහැන් රහිතව බැටරිය ආරෝපණය වෙන තාක්ෂණයෙන් යුක්තයි.

ඉහත වර්ණයන් 4 තෝරා ගැනීමට පුළුවන්.