Saturday, April 20, 2024

General line - 0115112241

ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පළමු දින අවසන වයඹ පෙරමුණට

ටී.කේ.මහින්ද




29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පළමු දිනය නිමාවට පත්වන විට ලකුණු 48 ක් ලබා ගනිමින් පෙරමුණ ගන්නට කුරුණෑගල දිස්ත්‍රික්කය සමත්ව සිටිනවා. ලකුණු 39 ක් ලබා ගත් පුත්තලම දිස්ත්‍රික්කය දෙවන තැනටත් කොළඹ දිස්ත්‍රික්කය
ලකුණු 36 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ පසුවනවා.

ඊයේ පස්වරුවේ පැවති පාපන්දු අවසන් මහා තරඟයේදී යාපනය දිස්ත්‍රික්කය පරාජයට පත්කළ මඩකලපුව ශුරතාවය දිනා ගත්තා. එහි තෙවන ස්ථානය වවුනියාව දිනා ගන්නා ලදී. නෙට්බෝල් කාන්තා හා පිරිමි ශුරතා දෙකම දිනා ගැනීමට මාතර දිස්ත්‍රික්කය සමත් වූ අතර ජාතික යෞවන ක්‍රීඩා උළෙලක කාන්තා නෙට්බෝල් කිරුළ සිව්වතාවක් හිමිකර ගන්නට මාතර දිස්ත්‍රික්
කණ්ඩායම සමත්වීම විශේෂත්වයකි.

කාන්තා අවසන් මහා තරඟය කුරුණෑගල දිස්ත්‍රික්කය සමඟ පැවති අවසන් තරඟයේ දී 38-26 ලෙස ජය ගන්නට මාතර දිස්ත්‍රික්කය සමත් විය. මේ අනුව අනුශරතාවය කුරුණෑගල දිස්ත්‍රික්කය දිනා ගන්නා ලදී. මෙහි තෙවන ස්ථානය කළුතර දිස්ත්‍රික්යට හිමි විය.

පිරිමි අවසන් මහා තරඟය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී අනුරාධපුර දිස්ත්‍රික්කය පරාජය ට පත් කරමින් ශුරතාවය හිමිකර ගැනීමට මාතර දිස්ත්‍රික්කය සමත් වූයේ ලකුණු 39-38 ක් වශයෙනි. මෙහි තෙවන ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි විය.

කබඩි තරඟාවලියේ ශුරතාවය මඩකලපුව විසින් දිනා ගත් අතර එහි කාන්තා ශුරතාවය මෙවර හිමිවුයේ යාපනය දිස්ත්‍රික්කයටයි.

1. දුර පැනීම (කාන්තා) වයස අවුරුදු 20 න් පහළ බී.එම් පි ප්‍රබෝධ පුත්තලම

2. උස පැනීම (පිරිමි) වයස අවුරුදු 20 න් පහළ පී.කේ.වී රත්නායක කෑගල්ල

3. හෙල්ල විසිකිරිම (කාන්තා)වයස අවු 20 න් ඉහළ කේ ක්‍රිෂාන්ති කිලිනොච්චි

4. යගුලිය විසිකිරිම (කාන්තා) වයස අවුරුදු 20 ඉහළ ඩබ්.එම් මධුෂිකා පුත්තලම

5. හෙල්ල විසිකිරිම (කාන්තා) වයස අවුරුදු 20 න් පහළ එස්.නිරාෂධීන් කළුතර

6. මීටර් 110 කඩුලු පැනීම(පිරිමි) වයස අවුරුදු 20 න් පහළ ටී.සේනතුරේරාජන් යාපනය

7. මීටර් 100 දිවීම වයස අවුරුදු 20 න් පහළ ඒ.මේරි කිලිනොච්චිය

8. මීටර් 110 කඩුලු පැනීම වයස අවුරුදු 20 න් පහළ  (පිරිමි) වයස අවුරදු 20 න් පහළ ජී.පී.ජී.ඩී.සංජීව මාතලේ

9. මීටර් 800 වයස අවුරුදු 20 න් ඉහළ කාන්තා එස්.එස්.එල්.ප්‍රනාන්දු  පුත්තලම

10.මීටර් 800 වයස අවුරුදු 20 න් ඉහළ පිරිමි ආර්.එම්.නිෆ්රාස් ත්‍රිකුණාමලය

11. තුන්පිම්ම වයස අවුරුදු 20 න් ඉහළ කාන්තා එච්.ඩී.වී ලක්ෂාණි ගම්හහ

12.මීටර් 100 වයස අවුරුදු 20 න් ඉහළ කාන්තා එච්.ඩබ්.කේ.හපුආරච්චි කුරුණෑගල

13. මීටර් 800 වයස අවුරුදු 20 න් පහළ පිරිමි  බී.එස්.ආර්.ටී.බුළුගහපිටිය මහනුවර

14. මීටර් 800 වයස අවුරුදු 20 න් පහළ කාන්තා බී.එම්.එච්.ඉෂාරා  කුරුණෑගල

15. මීටර් 200 වයස අවුරුදු 20 න් ඉහළ කාන්තා එම්.ජයසේකර මාතර

16.මීටර් 200 වයස අවුරුදු 20 න් පහළ කාන්තා ඩී.ටී.ඒ. ද සිල්වා නුවර

17. මීටර් 200 වයස අවුරුදු 20 න් පහළ පිරිමි එල්.කේ සචිත් පෙරේරා කොළඹ

18. මීටර් 200 වයස අවුරුදු 20 න් ඉහළ කාන්තා ආර්.එම්.ආර්.කේ රත්නායක කෑගල්ල

19.දුර පැනීම වයස අවුරුදු 20 න් ඉහළ පිරිමි ඩී.ඒ.ජී.අයි.පී විමලසිරි නුවර