Friday, April 19, 2024

General line - 0115112241

චන්දිමාල් නොදැවී ලකුණු 150යි (UPDATE)




පකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 150 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සමත් වී තිබෙනවා.

මේ වනවිට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 417 ක් ලබා සිටිනවා.

සුරංග ලක්මාල් ලකුණු 7 ක් සහ චන්දිමාල් 153 ක් ලබා පිටියේ රැඳී සිටිනවා. 

 

 

පකිස්තානයට එරෙහිව චන්දිමාල්ගෙන් ශතකයක් (29-09-2017 13:55)

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ නවවන ශතකය වාර්තා කිරීමට නායක දිනේෂ් චන්දිමාල් අද (29) සමත් වුණා. 

ඒ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව අබුඩාබිහි දැන් පැවැත්වෙන පළමු ටෙස්ට්  ක්‍රිකට් තරගයේදීයි. 

පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 5ක් දැවී ලකුණු 311ක් ලබාසිටියා. 

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102යි. නිරෝෂන් දික්වැල්ල ලකුනු 83කට දැවී ගියා. චන්දිමාල් සහ දික්වැල්ල පස්වන කඩුල්ලට එක්කළ ලකුණු සබඳතාව 134ක්. 

--------------------------------------

චන්දිමාල් හා දික්වැල්ල ඉනිම ගොඩගයි (29-09-2017 12:56)

පාක්ස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතක සබඳතාවක් ගොඩ නැගීමට නායක දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල අද (29) සමත් වුණා. 

සිය පළමු ඉණිම ක්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු 04ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා. 

නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 80යි. නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 71ක් ලබා සිටිනවා. 

තරගය පැවැත්වෙන්නේ අබුඩාබිහි ෂෙයික් සෙයිඩ් ක්‍රිඩාංගණයේදීයි.